Saturday 20 February 2016

අමුතුම අභ්‍යාසයක ප්‍රතිඵල - What is lost in translation?


පසුගිය දෙසැම්බරයේ දී මා ලංකාවට යන්නට පෙර රසිකොලොජියේ "කරුණාකර මේ වාක්‍ය කිහිපය සිංහලට පරිවර්තනය කර දෙන්න - Can someone translate these few sentences into Sinhala, please?" මැයෙන් කෙටි ලිපියක් පළ කළේ එක්තරා කාරණය සිතේ රඳවා ගෙනයි.

ඒ ගැන වැඩි විස්තර සපයමින් ඒ ලිපියට තවත් කරුණු එකතු කරන්නට සිතා සිටි නමුත්, ලංකාවේ දී පොත් එළි දැක්වීම් එකකට, දෙකකට යැමටද, වෙනත් විවිධ කාරණා කටයුතුවලට කාලය යොදවන්නට සිදුවුණු නිසා එය අද වෙනතුරු අතපසු විය.

අද එය යළි සිහියට නැගුණේ, ජගත් ජේ එදිරිසිංහ සහ ලියනගේ අමරකීර්ති නමැති ලේඛකයින් දෙදෙනා නිසා ය.

එදා දෙසැම්බරයේ දී මා ඉල්ලා සිටියේ පහත ඉංගිරිසි පද්‍යමය රචනය සිංහලට පරිවර්තනය කරන්න කියායි.
When, how and where did we meet?
I asked you everyday, but you did not reply.

How many days did you make me cry since that day?
How many days did you comfort me since that day?

Having got closer one day, going far away on another,
Coming one day but hiding on another.

When, how and where did we meet?
I asked you everyday but you did not reply!

That is how it has been so far, is it going to be the same today tomorrow and in the future?
Where and how will path we travel end?

It is more than sufficient for life, if is just like this.
Love is not sweet if it is NOT like this!

When, how and where did we meet?
I asked you everyday, but you did not reply!
එදා මා නොකී කාරණය වූයේ ඒ ඉංගිරිසි වැකි පේළිය මා ලියූවේ කරුණාරත්න අබේසේකර කවියා විසින් මිල්ටන් පෙරේරා ගායකයා සඳහා රචනා කරන ලද කවදාද කොහෙද කොයි තැනකද ඔබ හමුවූයේ යන පදමාලාව සිංහලට පරිවර්තනය කරමින් බවයි.
කවදාද කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීයේ

ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඬෙව්වද
ඔබ එදා ඉඳන් කී දවසක් මා නැලෙව්වද
දිනකදි ළංවී දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දිනකදි සැංගෙනවා

කවදාද කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීයේ

දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිමවන්නේ කොහෙන් කොහොමද
ජීවීතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්
ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම්

කවදාද කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීයේ
මා දින කිහිකයකට පෙර ඒ ඉංගිරිසි රචනාව මුහුණු පොතේ බෙදාගෙන තිබුණු නිසා දෝ, එසේත් නැතිනම් ඔවුන් ගේ හැකියාව නිසා දෝ රසිකොලෙජිය කියවූ සමහරු එය ක්‍ෂණිකව වටහාගෙන ප්‍රතිචාර දැක්වූ අතර තවත් කිහිප දෙනෙකු මගේ සිහලෙන් ඉංගිරිසියට පරිවර්තිත රචනාව, යළි සිංහලට පරිවර්තනය කරන්නට හොඳින් උත්සාහ කර තිබුණි.

මේ එයින් මා සිත ගත් පරිවර්තන කිහිපයකි.

සජ්ජාගේ පඩංගුව

කෙදිනක කොතැන කෙලෙසින් අප හමුවූයේ - විමසමි කිසිදු දින නැත ඔබ තෙපලූයේ
හැඬුවෙමි මෙනෙහිකොට ඔබ නැත හිමිවූයේ - සිත දුක් නිවන්නට ඔබ කවදද ආයේ

Its going to be funny after that.. cheer up

දිනයක ලංව දහසක් පැතුමන් බැන්දා - පසු දින පොලු තබා මාහට උඹ පැන්නා
හැමදින වෙන්නෙ මේකයි හොඳ හැටි දන්නා - හරකෙකි මමත් අවසානය නොමදන්නා

Serious again

ගල්මුල් කම්කටොළු බාධක පොදි බැන්දා - දිවිමග පිරිපුන්ද නැතිනම් දුක් කන්දා
දුකනැති ආලයද කිසි රස නැති හන්දා - ආලය දිවිමගද එකසම කොට වින්දා

කල්‍යාණ මිත්‍ර

කවදාද.. කොතනද.. කොහොමද.. අප හමුවුයේ..
ඇසුවා.. සැමදා ම'ඔබගෙන්.. නැහැ පිළිතුරු ලදුයේ..

කිව හැකිද දින ගණන්.. ඔබ නිසා මා වැළපුණු එදිනේ ඉඳලා..
කිව හැකිද දින ගණන්.. ඔබ ඇසුරේ මා සැනසුනු .. එදිනේ ඉඳලා..

දිනෙක අප ලං උනා.. තව දිනෙක වෙන් වුනා..
දිනෙක හමුවුණු නියා..දිනෙක සැඟවී ගියා..

කවදාද.. කොතැනද.. කොහොමද.. ....

ආ ගමන් මඟ එලෙසට.. සතුට පෙනී පෙනී දුරගිය..
අපේ ඉදිරියේ ලියා ඇත්තෙත් අනියතම බව විතරද?
අද ගෙවන මේ කතර දුර මග
නිමාවක් කොතැනක වෙද?

විඳි ගැහැට මෙතුවක් සරි
තවත් නම් වින්දවනු බැරි..
අහෝ! බාධක නොමැති කල පෙම
රසය හිඟ විද සුන්දරී.

Muhammad Fawaz

කොතැනද දී කොහේදී කෙසේද ද අප හමුවූයේ?
සැමදා ඇසුමුත් ඔබ නැත පැවසුයේ

එදා පටන් අද වෙන තුරු කෝපමණ වාරයක් ඔබ මා ඇඩ්වූවාද
එදා පටන් අද වෙන තුරු කෝපමණ වාරයක් ඔබ මා සැනසුවද

ළං වෙමින් එක් දවසක්, බෝහෝ ඇතට යනවා තව වරක්
එමින් තව දවසක්, ඒ නමුත් සගවමින් තව මොහොතක්

කොතැනද දී කොහේදී කෙසේද ද අප හමුවූයේ?
සැමදා ඇසුමුත් ඔබ නැත පැවසුයේ

එය එසේ විය අද වෙනතේක් එය ඒසේම වේයි අදටත් හේටටත් පෙරටත්
කෝහිද කෙස්ද අප මග කෙලවර වේයි දෝ?
පන නලට ඉහට උඩින් ය එසේ වෙනවානම්
ආදරය අමිහිරි මෙය නොවූවා නම්


ගීතයක් නොව වෙනත් ආකාරයක කවියක් සමග මම ද ඊයේ මෙවැනි ව්‍යායාමයක යෙදුනෙමි. ඒ පිළිබඳ විස්තර හෙට පළ කරන්නට බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.timeout.com/london/film/lost-in-translation)

8 comments:

  1. 'අමුතුම අභ්‍යාසයක ප්‍රතිඵල'

    මාතෘකාව දැක්කම මම හිතුවේ කකා අලුත් විදියකට ලිංගික අභ්‍යාසයක නිරත වෙන්න ගිහිං නූල වත් කඩා ගෙනද කියලා.

    කියවලා බැලුවම මේ මොකක්ද පල් හෑල්ලක් නේ ලියලා තියෙන්නේ වෙනදා වගේම. අප්පිරියාවෙන් කියෙව්වෙත්. අපරාදේ බයිට් ටික. වැල කතාවක් වත් බලන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. Well said mate ! Superb comment ! Carry on !

      Delete
  2. මිලටන් පෙරේරාගේ සින්දු පුදුම රහයි කකා... ඒක පුදුම කට හඬක්..

    ReplyDelete
    Replies
    1. එතකොට ඇයි කරුණාරත්න අබේසේකරගෙ ලිවිල්ල. (පට්ටයි)

      Delete
    2. මිල්ට මගෙත් ෆේවරිට් එකක්්

      Delete
  3. බොහෝදෙනා හිතන්නෙ ඉංග්‍රීසි දැනගත්තම පරිවර්තන කරන්න පුලුවන් කියලා - අනුල ද සිල්වා

    ReplyDelete
  4. අඩේ මේක මම දැක්කේ නෑ නේ.. හැබැයි ඉතිං සිංදු පරිවර්තනය කරන්නත් මට බෑ ඉතිං..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.